දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 143යි

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල කඩුළු 2ක් දැවී ලකුණු 143ක් රැස්කරගෙන සිටියා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 70ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔෂද ප්‍රනාන්දු ලකුණු 57ක් ලබාගත්තේය.බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 365කි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 222ක් පිටුපසින් සිටියි.