දෙවන එක්දින තරගයට ලහිරු කුමාර නැහැ?

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන 2 වැනි එක්දින තරගය සඳහා සහභාගී නොවනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ පන්දු යවමින් සිටියදී වම් පාදයේ අබාධයකට ලක්වීම හේතුවෙන්.

ඔහු තවමත් සුවය ලබමින් සිටින බවටයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

3 වැනි එක්දින තරගය සඳහා ලහිරු කුමාරට ක්‍රීඩා කළ හැකි ද යන්න සම්බන්ධයෙන් කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔහුගේ යෝග්‍යතාවය තක්සේරු කර ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශ කරනු ඇති.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයේ ජය හිමි වූයේ ඇෆ්ගනිස්ථානයටයි. දෙරට අතර දෙවන එක්දින තරගය හෙට සූරියවැවදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06