දෙමාපියන්ගේ විරෝධතාවක් නිසා ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි

ඕපනායක අකරැල්ල විද්‍යාලයට විදුහල්පතිවරයෙක් ඇතුළු ගුරු මණ්ඩලයේ හිගයක් පවතින බව පවසමින් දරුවන්ගේ දෙමාපියන් අද (27) දින විරෝධතාවයක් පවත්වනු ලැබුවා.

එමෙන්ම ක්‍රීඩා භාණ්ඩ,ආපන ශාලාවක්,පුස්තකාලයට අවශ්‍ය පොත් පත්, දරුවන්ට අවශ්‍ය පෙළ පොත් නොමැති බවටයි දෙමාපියන් මෙහිදී චෝදනා කළේ.

පැය හයක කාලයක් පුරා ඕපනායක – අකරැල්ල හරහා උඩරංවල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් අදාළ විරෝධතාවය පැවැත්වුණා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන අද (27) දින පෙරවරු 07.30 සිට පස්වරුව දක්වාම සම්පුර්ණයෙන්ම වසා දමා තිබූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එම ස්ථානයට ඕපනායක පොලිසියේ නිලධාරීන් පැමින විරෝධතාකරුවන්ට මාර්ගය අවහිර නෙකෙරන ලෙස ඉල්ලා සිටියා.

විරෝධතා කරුවන් පොලිසියට පැවැසුවේ තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එම වි⁣රෝධතාවයේ නියලෙන බවත් අධ්‍යාපන බලධාරියෙක් එම ස්ථානයට පැමිණ තමන් සමග සාකච්ඡාවක් පවත්වන තුරු විරෝධතාවය අත් නොහරින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22