spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෙමාපියන්ගේ විරෝධතාවක් නිසා ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි

ඕපනායක අකරැල්ල විද්‍යාලයට විදුහල්පතිවරයෙක් ඇතුළු ගුරු මණ්ඩලයේ හිගයක් පවතින බව පවසමින් දරුවන්ගේ දෙමාපියන් අද (27) දින විරෝධතාවයක් පවත්වනු ලැබුවා.

එමෙන්ම ක්‍රීඩා භාණ්ඩ,ආපන ශාලාවක්,පුස්තකාලයට අවශ්‍ය පොත් පත්, දරුවන්ට අවශ්‍ය පෙළ පොත් නොමැති බවටයි දෙමාපියන් මෙහිදී චෝදනා කළේ.

පැය හයක කාලයක් පුරා ඕපනායක – අකරැල්ල හරහා උඩරංවල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් අදාළ විරෝධතාවය පැවැත්වුණා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන අද (27) දින පෙරවරු 07.30 සිට පස්වරුව දක්වාම සම්පුර්ණයෙන්ම වසා දමා තිබූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එම ස්ථානයට ඕපනායක පොලිසියේ නිලධාරීන් පැමින විරෝධතාකරුවන්ට මාර්ගය අවහිර නෙකෙරන ලෙස ඉල්ලා සිටියා.

විරෝධතා කරුවන් පොලිසියට පැවැසුවේ තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එම වි⁣රෝධතාවයේ නියලෙන බවත් අධ්‍යාපන බලධාරියෙක් එම ස්ථානයට පැමිණ තමන් සමග සාකච්ඡාවක් පවත්වන තුරු විරෝධතාවය අත් නොහරින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?