දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එනවා කියා කලින් කිව්වේ නෑ

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව විරෝධතාවක යෙදෙමින් සිටින බව ජනපති මාධ්‍ය අංශය කියයි. ඔවුන් ජනාධිපතිවරයා හමු වී සංදේශයක් භාර දීමට පැමිණ ඇති බව සඳහන් කළත්

අද (24) ජනපතිවරයා හමුවීමට පැමිණෙන බවට කිසිඳු පෙර දැනුම් දීමක් සිදුකර නොමැති බවද මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපතිවරයා අද පෙරවරුවේ මීට පෙර යොදාගත් වැඩසටහනක් සඳහා පිටත්ව ගොස් ඇති බවත්  දෙමළ සන්ධාන මන්ත්‍රී පිරිසට අග්‍රාමාත්‍යවරයා හමුවීමට වේලාවක් ලබාදී තිබුණත් ඔවුහු එම හමුවීමට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටින බවද ජනපති මාධ්‍ය අංශය කියයි.

ජනාධිපතිතුමා සිය කාර්යාලයේ නොමැති අවස්ථාවක පෙර දැනුම් දීමකින් ද තොරව පැමිණ මෙලෙස විරෝධතාවක නිරත වීම ජිනීවා මානව හිමිකම් සමුළුවට රජය කෙරෙහි වැරදි අවබෝධයක් ලබා දීමට සැලසුම්සහගතව කෙරෙන කුමන්ත්‍රණයක් බව පැහැදිලි වන්නේ යැයිද ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන වසන්ත කට අරියි - සිදුවීම කරපු අයයි හොයන්න ඕනි
06:38
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ ම#ණය ගැන අහද්දි පිළිතුරු නොදී යන මාලිමාවේ ඇමතිලා - නිගමනවලට එන්න බෑ
01:47
Video thumbnail
මුහුදේ ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු..සංවේදී දර්ශන සහිතයි
01:15