දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර සාකච්ඡා.. එක්සත් ශ‍්‍රී ලංකාවකට යෝජනා..

“රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙමළ ජාතික සන්ධානය සමග පවසයි.

තමා සමස්ත රටවැසියන්ගේ නායකයා ලෙස සියලු ජනතාව කෙරෙහි එක ලෙස අවධානය යොමු කරන බව ජනාධිපතිතුමා කියා සිටී.

දෙමළ ජාතික සන්ධානය සමග අද (25) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය ක්‍රියාකරමින් ඇති බව ජනාධිපතිතුමා පැවසීය.

තවදුරටත් එක්ව කටයුතු කිරීමෙන් උතුරු – නැගෙනහිර ඇතුළු රටේ සමස්ත ජනතා අරමුණු ඉටුකර, රට සංවර්ධනය කරා ගෙන යා හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමගින් රට සෞභාග්‍යය කරා යාම තම අපේක්ෂාව බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කළේය. රටක් ලෙස අප එකතු විය යුතුයි. එක රටක්, එක ජාතියක් ලෙස ක්‍රියා කරමින් පවතින තත්ත්වයෙන් රට මුදාගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව සම්බන්ධන් මහතා කියා සිටි. ශ්‍රී ලංකාව පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීමට කැමැත්තෙන් පසුවන බව සම්බන්ධන් මහතා පැවසීය.

දීර්ඝ කාලයක් අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ සිටින පිරිස් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර, දීර්ඝ කාලයක් වගා සඳහා යොදාගත් ඉඩම් ඒ සඳහා නිදහස් කිරීම, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශණයක් සිදු කිරීම, නව ව්‍යවස්ථාව දෙමළ සහ සිංහල භාෂාවන්ට පරිවර්තනයෙන් පසු ඊට එක් විය යුතු සංශෝධන සාකච්ඡා කිරීම, උතුරු – නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානයට යොමු කෙරිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, චමල් රාජපක්ෂ, අලී සබ්‍රි, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්, චාල්ස් නිර්මලනාදන්, සිවඥානම් ශ්‍රීදරන්, ශානක්‍යයන් රාජපුත්‍තිරන්, තවරාජා කලෙයි අර්සන්, සෙල්වම් අඩෙයිකලනාදන්, එස්. නොහාර්තලිංගම්, කෝවින්දන් කරුණාකර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13