දෙමහල් නිවසක ඉහළ මහලින් ඇදවැටී කාන්තාවක් ජීවිතක්ෂයට

අලුබෝමුල්ල, බෙලිකැලේ ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහලින් බිමට ඇදවැටී අද (10) පෙරවරුවේ කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

අලුබෝමුල්ල පොලිසිය සඳහන් කළේ බණ්ඩාරගම, මස්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය කාන්තාව අදාළ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

ඇය රෙදි වැනීම සඳහා ඉහළ මහලට ගිය අවස්ථාවේ දී අනාරක්ෂිතව තිබූ ස්ථානයකින් පහළට ඇදවැටී මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

මෙම අනතුර වන අවස්ථාවේ නිවසේ හිමිකාර කාන්තාව ද නිවසේ සිට ඇති අතර, 1990 සුව සැරිය ගිලන් රථයකින් අනතුරට පත් කාන්තාව පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා කැඳවා මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබූ අතර, පානදුර අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14