spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෙබර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

යාපනය තවසිකුලම ප්‍රදේශයේදී දෙබර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ඊයේ (26) සවස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොඩිකාමම් පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා පෙරේදා දෙබර ප්‍රහාරයකට ලක්ව යාපනය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ තවසිකුලම ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා කෝවිලට යන අතරමග තල් ගසකින් වැටී තිබූ තල් ගෙඩියක් ඇහිඳීමට යාමේදී බිම වැටී ඇති තල් අත්තක තිබූ දෙබර කූඩුවක් ඇවිස්සීමෙන් දෂ්ඨ කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂයෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?