දෙබර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

යාපනය තවසිකුලම ප්‍රදේශයේදී දෙබර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ඊයේ (26) සවස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොඩිකාමම් පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා පෙරේදා දෙබර ප්‍රහාරයකට ලක්ව යාපනය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ තවසිකුලම ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා කෝවිලට යන අතරමග තල් ගසකින් වැටී තිබූ තල් ගෙඩියක් ඇහිඳීමට යාමේදී බිම වැටී ඇති තල් අත්තක තිබූ දෙබර කූඩුවක් ඇවිස්සීමෙන් දෂ්ඨ කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂයෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34