දෙපැත්තට ඇදෙන තායිවාන – චීන දේශසීමා අර්බුද ගැන විලියම් ලායිගෙන් ප්‍රකාශයක්

තායිවානය දෙසට තම ප්‍රවේශය චීනය විසින් නැවත සලකා බැලිය යුතු බව තායිවාන ජනාධිපති විලියම් ලායි පවසනවා.

වසර ගණනාවක් තිස්සේ චීනයෙන් තා‍යිවානය වෙත එල්ල වන හමුදා හා දේශපාලන පීඩනය ඉන්දු – පැසිෆික් කලාපයේ එක්සත් ජනපද මැදිහත්වීම ශක්තිමත් කිරීමට පමණක් හේතු වී ඇති බවයි.

එය අවසානයේ චීනයේ අවශ්‍යතාවලට පටහැනි විය හැකි බව ද ඔහු පවසනවා.

තායිවාන ජනාධිපති විලියම් ලායි පෙන්වා දෙන්නේ චීනයේ පීඩනය තායිවාන දුර්වල කිරීමට අපොහොසත් බවයි.

ඒ වෙනුවට තායිවානයට හිමිවන ජාත්‍යන්තර සහයෝගය තවත් ශක්තිමත් වූ බව ද පවසන ලායි වැඩිදුරටත් සඳහන් කරනවා.

තායිවානය හුදෙකලා කිරීම වෙනුවට දැන් සිදුව ඇත්තේ චීනයට ජාත්‍යන්තරයෙන් එල්ල වන විරෝධය ඉහළ යාම බව ද ලායි පෙන්වා දෙනවා.

සිය පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරයට පෙර මින්ඩි වර්ල්ඩ් නිවුස් විකාශනය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලායි පැවසුවේ චීනයේ ආක්‍රමණශීලී ඉරියව්ව තායිවානයේ අධිෂ්ඨානය දුර්වල කර නොමැති බවත්, ඒ වෙනුවට ජාතිය සඳහා ජාත්‍යන්තර සහයෝගය තීව්‍ර කර ඇති බවත්ය.

ලායිගේ ප්‍රකාශයේ වැඩිදුරටත් ඇත්තේ මෙවැන්නක්;

තායිවානය මිත්‍රශීලී සහ යහපත් චේතනාවෙන් යුත් සමාජයක් ඇත්තක්; චීනය එහි ප්‍රතිපත්ති නැවත ඇගයීමට ලක් කළ යුතුය” යනුවෙනි.

චීනයේ ක්‍රියාවන්ට සෘජු ප්‍රතිචාරයක් ලෙස එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ මෑත කාලීන වර්ධනයන් ද හෙතෙම පෙන්වා දී තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් යන දෙදෙනාම චීනය රටේ විශාලතම අභියෝගය සහ ගෝලීය ස්ථාවරත්වයට ප්‍රධාන තර්ජනයක් ලෙස නැවත නැවතත් හඳුනාගෙන ඇති අතර, තවදුරටත් චීන ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද හමුදා පැවැත්ම වැඩි කරන ලෙස ද ඉල්ලා ඇති බවයි ලායි ජනාධිපතිවරයා පැවසුවේ.

වොෂින්ටනයෙන් මෙම උපායමාර්ගික මාරුව දිගු කාලීනව චීනයට ප්‍රතිලාභ ලබා දෙනවාද යන්න ද තායිවානය මෙහිදී ප්‍රශ්න කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08