spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෙදෙනෙකුට ජීවිත අහිමි කළ අනතුර

ඇඹිලිපිටිය – මොරකැටිය මාර්ගයේ ඉලුක්කැටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ අලුයම ඇඹ්ලිපිටිය සිට මොරකැටිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ පසෙකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තුන්දෙනෙකුගේ ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

එහිදී බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයන් තුන්දෙනා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගොස් ඇත්තේ මොරකැටිය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 58 සහ 71 වයස්වල පසුවූ දෙදෙනෙක්.

මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන්ට භාරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය පොලිසිය පරික්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?