spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෙදෙනෙකුගේ ජීවිත අහිමි කළ අනතුර (ඡායාරූප)

හොරණ – බුලත්සිංහල මාර්ගයේ දෙහිගහවල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

හොරණ දෙසට කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණ මුහුණ ගැටීමෙනුයි අද පස්වරුවේ අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ටිපර් රථ රියදුරා, කුඩා ලොරි රථයේ රිය සහායක සහ රියදුරු හොරණ රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගොස් ඇත්තේ කුඩා ලොරි රථයේ ගමන් කළ පිය පුතු දෙදෙනෙක් බව සඳහන්. ඔවුන් ඈගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

කුඩා ලොරියේ රියදුරාට නින්ද යාම හේතුවන් අනතුර සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මෙසේ මරණයට පත්වී ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේම පදිංචි අවුරුදු 52 සහ 26 වයස්වල පසුවූ දෙදෙනෙක්.

ඔවුන් අද උදෑසන 11ට පමණ තම ව්‍යාපාරික ස්ථානයෙන් පිටත් වී රත්මලාන දක්වා කේක් වර්ග රැගෙන ගොස් ආපසු ඈගල්ඔය පිහිටි කර්මාන්තායතනයට පැමිණෙමින් තිබියදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
1
+1
11
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?