දෙදෙනෙකුගේ ජීවිත අහිමි කළ අනතුර (ඡායාරූප)

හොරණ – බුලත්සිංහල මාර්ගයේ දෙහිගහවල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

හොරණ දෙසට කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණ මුහුණ ගැටීමෙනුයි අද පස්වරුවේ අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ටිපර් රථ රියදුරා, කුඩා ලොරි රථයේ රිය සහායක සහ රියදුරු හොරණ රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගොස් ඇත්තේ කුඩා ලොරි රථයේ ගමන් කළ පිය පුතු දෙදෙනෙක් බව සඳහන්. ඔවුන් ඈගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

කුඩා ලොරියේ රියදුරාට නින්ද යාම හේතුවන් අනතුර සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මෙසේ මරණයට පත්වී ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේම පදිංචි අවුරුදු 52 සහ 26 වයස්වල පසුවූ දෙදෙනෙක්.

ඔවුන් අද උදෑසන 11ට පමණ තම ව්‍යාපාරික ස්ථානයෙන් පිටත් වී රත්මලාන දක්වා කේක් වර්ග රැගෙන ගොස් ආපසු ඈගල්ඔය පිහිටි කර්මාන්තායතනයට පැමිණෙමින් තිබියදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

  1. මේකෙ පියපුතු කතාවත් බොරු.වයස දාල තියෙන්නෙත් බොරු.මේ ඇක්සිඩන්ට් උන අයව හැමෝම අදුරනව එහෙම එකේ අඩු තරමෙ ගමේ මනුස්සයෙක්ගෙන් අහල හරි නිවැරැදි තොරතුරු දැම්ම නම් වටිනව.මෙහෙමද ඔයාල අනිත් නිව්ස් හදල දාන්නෙත්?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14