පූනෑව පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ ගල්කන්දේගම ප්‍රදේශයේදී ඊයේ (17) දින උදෑසන වව්නියාව දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටී එම ලොරි රථය මතට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යට වූ ලොරි රථයක පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මරණකරුවන් අවුරුදු 33 හා 46 වයස්වල පසුවූ නොරොච්චෝලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර මෙම අනතුරට සම්බන්ධ ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පූනෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1













