දූෂිත කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත නොකිරීමෙන් ලංකාව කප් ගසයි (වීඩියෝ)

දූෂණ හා වංචා ක්‍රියාකාරකම්වල යෙදෙන කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත නොකරන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව වේරිටේ රිසර්ච් ආයතනය කළ නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තීබෙනවා.

එමගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල පවතින හිඩැස් හේතුවෙන් දූෂණයට එරෙහිව සටන් වැදීම අසීරු වී ඇති බවයි.

පසුගාමී අසාදු ලේඛනගත කිරීම් සහ ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන රාමුවේ හිඩැස් දූෂණය සක්‍රීය කරයි යන මාතෘතාව යටතේ නිකුත් කර ඇති වෙරිටේ රිසර්ච්හි එම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රසම්පාදන පද්ධතිය විවේචනාත්මකව ඇගයීමට
ලක් කර තිබෙනවා.

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂිතයැයි හඳුනාගත් කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් දකුණු ආසියාතික රටවල් අතර නරකම වාර්තාව ශ්‍රී ලංකාව සතු බවයි එමගින් හෙළිකර ඇත්තේ.

ගිවිසුම්ගත බැදීම් පැහැරහරින කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රතිපාදන තිබියදීත් එසේ නොකරන ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල ඇති මෙම හිඩැස් හේතුවෙන් මෙම ගැටලුව මතුවි ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම දූෂණයට එරෙහිව සටන් වැදීම සඳහා ඉතා ඉක්මණින් එම හිඩැස් වසා දැමීමට කටයුතු කළ යුතු බව ද වෙරිටේ රිසර්ච් ආයතනය අවධාරණය කරනවා.

ගිවිසුම්ගත බැදීම් පැහැර හරින කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට පමණක් නොව එම කොන්ත්‍රාත්කරුවන්ගේ නම් පොදු, මාර්ගගත දත්ත ගබඩාවක් මගින් ප්‍රකාශයට පත් කිරීමටද ප්‍රතිපාදන තිබුණත් පසුගිය වසරේ ජූලි මස වනතෙක් එම දත්ත ගබඩාවේ කිසිදු නමක් ප්‍රදර්ශනය වී නොමැති බව පෙන්වා දෙන එම වාර්තාව එයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ පවතින රෙගුලාසිවලට අනුකූල නොවීම බවයි.

ඖෂධ ප්‍රසම්පාදනය වැනි අවස්ථා කිහිපයක දී හැර ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ප්‍රසම්පාදනය පාහේ පාලනය කරන 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල හිඩැස් ඇති බව ද එහි දැක්වෙනවා.

අනෙක් දකුණු ආසියානු රටවලත් මෙවැනිම දත්ත ගබඩාවක් තිබෙන බවත් නේපාලය එම දත්ත ගබඩාවට ගිවිසුම්ගත බැදීම් පැහැර හරිනු ලැබූ කොන්ත්‍රාත්කරුවන් 629ක ගේ සහ බංග්ලාදේශයේ දත්ත ගබඩාවට කොන්ත්‍රාත්කරුවන් 510 කගේ නම් ඇතුළත් කර ඇති බවත් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

කෙසේවෙතත්, ලංකාවේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන මෙම දත්ත ගබඩාව දැනට හිස්ව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

දූෂණ සහ එය නිවැරදි කිරීමේ වැදගත්කම අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ ගැටලු විනිශ්චයේ දී ද ඉස්මතු කර තිබුණා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එක් ප්‍රධාන නිර්දේශයක් වන්නේ 2024 දෙසැම්බර් වන විට අන්තර්ජාතික හොඳම භාවිතයන් පිළිබිඹු කරන පොදු ප්‍රසම්පාදන නීතියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13