දූෂණ විරෝධි පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

දූෂණ විරෝධි පනත් කෙටුම්පත අද (19) පාර්ලි‍මේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබෙනවා.

අද පැවැති පනත් කෙටුම්ප‍තේ කාරක සභා අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් එක්කරන ලද සංශෝධන මෙන්ම විපක්ෂය විසින් ගෙනෙන ලද ඇතැම් සංශෝධන ද එක් කිරීම සිදු වුණා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අප්‍රේල් 27 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 21 සහ ජූලි 6 යන දෙදිනයි පැවැත්වුණේ.