spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “දූෂණ විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

“දූෂණ විරෝධී” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මතු සඳහන් පරිදි වනවා.

වගන්ති 1, 2(1)(f), 2(2), 3(2), 4(1)(a), 4(1)(b), 4(3), 17(1), 21, 31 (2), 163(2)(h), 40, 48(3), 49(1)(f), 50(1)(a), 53(1), 62(1), 65, 67(5 ), 71(6) හා (8), 80, 93, 99, 101, 112, 149 සහ 162 පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වනවා.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදුකළහොත් මෙම අනනුකූලතාවයන් නතර වනු ඇති බවද කථානායකවරයා දැනුම් දුන්නා.

එම සංශෝධනයන්ට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇත්තේ පනත් කෙටුම්ප‌තේ 8(3), 136, 141, 142 සහ 156 වගන්ති සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් සඳහන් කර ඇති සංශෝධන මගින් පෙත්සම්කරුවන් විසින් අවධාරණය කර ඇති කරුණු ද විසඳිය හැකි බව ද කථානායකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?