දූෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “දූෂණ විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

“දූෂණ විරෝධී” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මතු සඳහන් පරිදි වනවා.

වගන්ති 1, 2(1)(f), 2(2), 3(2), 4(1)(a), 4(1)(b), 4(3), 17(1), 21, 31 (2), 163(2)(h), 40, 48(3), 49(1)(f), 50(1)(a), 53(1), 62(1), 65, 67(5 ), 71(6) හා (8), 80, 93, 99, 101, 112, 149 සහ 162 පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වනවා.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදුකළහොත් මෙම අනනුකූලතාවයන් නතර වනු ඇති බවද කථානායකවරයා දැනුම් දුන්නා.

එම සංශෝධනයන්ට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇත්තේ පනත් කෙටුම්ප‌තේ 8(3), 136, 141, 142 සහ 156 වගන්ති සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් සඳහන් කර ඇති සංශෝධන මගින් පෙත්සම්කරුවන් විසින් අවධාරණය කර ඇති කරුණු ද විසඳිය හැකි බව ද කථානායකවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23