දූලාටත් කොරෝනා හැදුණාට පසු ඇමති බන්දුල රෝහලට

සිය රියදුරුට කොරෝනා ආසාදනය වීම නිසා වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන කොරෝනා රෝගයට ගොදුරු වූ බව පැවසුණ අතර පසුගියදා කොරෝනා කාර්ය සාධක බලකායේ රැස්වීමකට සහභාගීවූ දිනයකදීම ඔහු පරීක්ෂාවට ලක්කිරීමේදී ධනාත්මක බව තහවුරු විය. වෙළෙඳ ඇමැතිවරයා ආසාදනය වීමත් සමග ආණ්ඩුවේ මැති ඇමැතිවරු රැසක් නිවෙස්වලට ගාල් වන්නට සිදුවූයේ එදින රැස්වීමට ආ අය එක්වරම ආශ්‍රිතයින් බවට පත්වූ නිසාය.

මේනිසා ඊයේ පැවති ඊළඟ කාර්ය සාධක බලකා රැස්වීම ජනපති සමග පවත්වන්නට යෙදුනේ සූම් ඔස්සේය. පසුගිය දිනවල මේ සියලු දෙනා සූම් ඇප් එක හරහා අමාත්‍යංශ වැඩකටයුතු ද මෙහෙය වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද බන්දුල නිසා සිය කටයුතු සීමා කරගෙන නිරෝධායන නීති පිළිපැදීමට සිදු විය. මේ නිසා ජනාධිපතිවරයා සහභාගි වූ දේශපාලන ක්‍රියාකාරකම් කිසිවක් මෙම සතියේ පැවැත්වූයේ නැති බව වාර්තාවේ. ඇමැති බන්දුල ආසාදනයවූ දින පෙරවරුවේ පැවති රැස්වීම එදින පෙරවරු 11 ට පැවැත්වීමට නියමිතව තිබී ඇති නමුත් ජනාධිපතිවරයාට විදේශ අමුත්තෙකු හමුවීමට තිබූ නිසා රැස්වීමේ ආරම්භය මඳක් ප්‍රමාද වූ බව වාර්තා විය.

එම නිසා මැති ඇමැතිවරු ජනාධිපති කාර්යාලයේ පහළ මාලයේ තේ පානය කරමින් ජනපති එනතුරු රැඳී සිටි බවද වාර්තා විය. බන්දුල, කෙහෙළිය, ඩලස් හා ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග හා තවත් කිහිප දෙනකු තේ පානය කර ඇත්තේ මුව ආවරණ ගලවාගෙන අග්ගලාද අල බොන්ඩාද කමිනි. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේද එතැනට ආවත් තේ බොන්නට ඇමතිවරුන් කළ ආරාධනය ඇය සුපුරුදු පරිදි ප්‍රතික්ෂේප කර ඇත්තේ ටික වේලාවකට හෝ මුව ආවරණ ඉවත් නොකරන බව පැහැදිලි කරමිනි.

රැස්වීමෙන් පසු දහවල් කාලයේ ඇමැති බන්දුලට රෝග ලක්ෂණ පහළ වූ බැවින් රැපිඩ් පරීක්ෂණයක් කර ගත් පසු ඔහු කොවිඩ් ආසාදිතයකු බව හඳුනා ගත් අතර ඒ බව සියල්ලන්ට ඉක්මණින් දැනුම් දෙන ලදි. ඒ නිසා සියලුදෙනාම බියට පත්වූ බව පැවසිණි. පසුව කොවිඩ් පරීක්ෂණවලට ලක්වූ නමුත් අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරු මෙන්ම ත්‍රිවිධ හමුදා ප්‍රධානීහු සෞඛ්‍ය ප්‍රධානීන්ද එක්ව සිටි එතැන කිසිවෙකුගෙන් ආසාදනයක් වාර්තා වූයේ නැත.

බන්දුලගේ නිවසේ අය පරීක්ෂාවට ලක් කරන ලද අවස්ථාවේ බිරියට කොරෝනා බව පසුදින වනවිට දැනගන්නට ලැබිණි. ඇමැති බන්දුල රෝහල් ගතවී විවේක ගන්නට උපදෙස් දී ඇති මුත් ඔහු එය ගණනකට නොගෙන ‘මං දුර්වල නැහැ මට වැඩ කරන්න පුළුවන්‘ කියමින් සූම් ඔස්සේ වැඩ කරන්නට පටන් ගත් අතර ඔහු තමා නිවසේ සිට වැඩ කරන අතර ෆේස් බුක් සටහනක්ද තබමින් ඒ ගැන පැහැදිලි කළේය.

නමුත් ඇමැතිවරයාගේ බිරිඳට අමතරව දියණියන් දෙදෙනාටද කොවිඩ් ආසාදනය වී තිබේ. ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇමැතිවරයාගේ අකැමැත්ත මැද කොළඹ පෞද්ගලික රෝහලකට ඔහුව විවේක ගැනීම පිණිස ඇතුළත් කරන්නට සිදුවිය. පවුලේ අයගේ බල කිරීම මත ඔහු රෝහල් ගත වූ බවද වාර්තා විය.

කෙසේ වෙතත් ඇමතිවරයාගේ තත්වය සාමාන්‍ය මට්ටමේ පැවති අතර ඔහුට සංකීර්ණ ප්‍රතිකාර කිසිවක් අවශ්‍යවී නැත. රෝහල් ගතවූ බන්දුල අමාත්‍යවරයාට ඔහුගේ පවුලේ හිතවතෙකු බව කියන හිටපු අමාත්‍ය දයා ගමගේ හා ආනෝමා ගමගේත් සුවදුක් විචාරා ඇති අතර ආයුර්වේද කැඳ පවා සකස් කර රෝහලට යවා තිබූ බව පසුව වාර්තා විය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14