spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුෂ්මන්ත චමීර හෙට තරගයට අනිවාර්යයි

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය හෙට (30) ඇෆ්ගනිස්ථානය සමඟ පූනේ හිදී පැවැත්වෙනවා.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා පිළේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

තරගයට පෙර පූනේ ක්‍රීඩාංගනයේ දී අද (29) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

හෙට තරගයේ දී ද වේග පන්දු යවන්නන් තිදෙනෙක් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලැස්ම වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඇෆ්ගනිස්ථානය සමඟ ක්‍රීඩාකරන කණ්ඩායම කවුරුන් ද යන්න හෙට දිනයේ තණතීරුව පරීක්ෂාකර බලා තීරණය කරන බවයි නවීඩ් නවාස් පවසා සිටියේ.

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ආබාධයකට ලක්වීම හේතුවෙන් අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සංචිතයට කැඳවා සිටි දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවනු ලැබුවා.

ඒ, සඳහා ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ ද අනුමැතිය හිමිවූ බවයි ඉන්දියාවෙන් වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
4
+1
5
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?