දුෂ්මන්ත චමීර හෙට තරගයට අනිවාර්යයි

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය හෙට (30) ඇෆ්ගනිස්ථානය සමඟ පූනේ හිදී පැවැත්වෙනවා.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා පිළේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

තරගයට පෙර පූනේ ක්‍රීඩාංගනයේ දී අද (29) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

හෙට තරගයේ දී ද වේග පන්දු යවන්නන් තිදෙනෙක් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලැස්ම වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඇෆ්ගනිස්ථානය සමඟ ක්‍රීඩාකරන කණ්ඩායම කවුරුන් ද යන්න හෙට දිනයේ තණතීරුව පරීක්ෂාකර බලා තීරණය කරන බවයි නවීඩ් නවාස් පවසා සිටියේ.

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ආබාධයකට ලක්වීම හේතුවෙන් අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සංචිතයට කැඳවා සිටි දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවනු ලැබුවා.

ඒ, සඳහා ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ ද අනුමැතිය හිමිවූ බවයි ඉන්දියාවෙන් වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14