දුව ඈත් කරන්න කිසිසේත්ම බෑ – මහේලගේ දික්කසාද බිරිඳ කතා කරයි

මේ දිනවල කතාබහට ලක්වෙන ශ්‍රී ලංකා ක්‍රීඩක මහේල ජයවර්ධනගේ හිටපු භාර්යාව ක්‍රිස්ටිනා සිරිසේන මහේලගෙන් ඉවත්වූ පසු සන්සා ආර්යා කුඩා දියණිය සමග ගතකරන ජීවිතය ගැන පැහැදිලි කරන්නීය.

ඔබව වචන තුනකින් හඳුන්වන්න?
අනේ දෙයියනේ මේක අමාරු ප්‍රශ්නයක්… මම හිතන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් මාව දැනගන්නේ හොඳටම හිරවෙච්ච කෙනෙක් වගේ.ඔවුන් මාව හමුවීමට පෙර එහෙමයි හිතන්නෙ.. ඒත් මට හිතෙන්නෙ ඔවුන් අවසානයේ මාව හඳුනා ගන්නවා..තේරුම් ගන්න මම ගොඩක් පොළවෙ පයගහල ඉන්න මිත්‍රශීලී කෙනෙක් .. ඒවගේම මම ටිකක් ocd ඒ කියන්නේ හැම දේම පිළිවෙල හොයනවා.. මගේ මිතුරන් කියනව මං හොඳ මවක් කියල.. ඒක ඇත්ත කියලත් මටම හිතෙනවා.

ඔබ දැන් ගෙවන ජීවිතය කොයි වගේද?
හරිම කම්මැලියි අම්මෝ හැම දෙයක්ම සන්සා දූගේ වැඩ එක්ක තමා ගෙවිල යන්නෙ..ඒක පටන් ගන්නෙ හැමදාම සන්සාගේ උදේ කෑම ඉඳල. එයාගෙ පාසලේ වැඩ..බොහෝ දුරට ඇයව හැමදේටම සූදානම් කිරීමට අපි ඇවිදින්න යනවා හැමදාම ඒක හරි වැදගත් ඒවගේ දේවල් වලින් තමා කාලය ගෙවෙන්නෙ.
හරිම ‘බෝරින්ග්‘ ඉතිං….

ඔබ නිර්මාංෂිකයෙකු වුනේ කොහොමද?
එය අභියෝගයක් ලෙස ආරම්භ වුණා. මට එය කළ හැකිදැයි බැලීමට උත්සාහ කළා. ඊට පෙරත් මම කොහොමත් මස් ගොඩක් කෑවේ නැහැ.මාළු හෝ එවැනි දෙයක් අප්‍රියවීම නිසා එය ආරම්භ වුණා…හැකිදැයි බැලීමට ආරම්භ කළේ අභියෝගයක් ලෙස එය කළ හැකි බව පසුව වැටහුණා.සති තුනකට පසු මට ඇත්තටම හොඳ බව දැනුණාඊට පස්සේ මම බලන්න පටන් ගත්තා නිර්මාංෂභාවය ගැන වාර්තා චිත්‍රපට සහ එය ගැන ගැඹුරින් දැනගත්තා.මං විශිෂ්ට ලෙස එයට හුරු වුණා.

ඔබ සෞඛ්‍යමත් දිවිපෙවතක් පවත්වා යන්න මහන්සිවෙන්නෙ කොහොමද?
මම ක්‍රීඩා ගොඩක් කරලා තියෙනවා .. ටයි ක්වොන් ඩෝ සිට ටේබල් ටෙනිස් දක්වා ඒවගේම බාස්කට්බෝල් සිට බේස්බෝල් දක්වා සියල්ල මං අත්දැක තිබෙනවා.එසේම පිහිනීම මගේ ප්‍රධාන ක්‍රීඩාව. මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැහැ කියලා ඇත්තටම මං පිහිනුම් තරග වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර තරගවැදී තිබෙන කෙනෙක්. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම හැමවිට සිදු කරනවා. නිතිපතා ව්‍යායාම කරනවා

ඔබ කවදහරි සන්සා දුවගෙන් ඈත් වන දාක ඇය සමග සම්බන්ධය අඩුකරන හැටි හිතුවද?
අනේ මන්දා මම ගොඩක් කලබලයි ..අපි දෙන්නම පෞරුෂය අතින් ගොඩක් සමානයි.. අපි දෙන්නම හරිම මුරණ්ඩුයි ඒත් මට ඇය ඈත් කිරීම කිසිසේත් කරන්න බැහැ.ඇයගේ ජීවිතය මා නැතිව වෙනත් ආකාරයකින් නොතිබෙනු ඇති. මමත් ඇය නොමැතිව කිසිවක් කරන් නැහැ.ඇය මා සමඟ පැය 24/7 හැම විට රැඳී සිටිනවා. අපි විනෝද වෙනවා ඒක වෙනස් වෙයි කියල නිකමට හිතන්න බැහැ.

ඔබ ආසම සංචාරක ගමන් අත්දැකීම කුමක්ද?
වැනීසියට ගමන් කිරීම තමයි.. මගේ හොඳම මිතුරා සමඟ අපි ගියා කෝච්චියේ ගියා.. හරි වැඩේ වුනේ. අපිව පික් පොකට් ගැහුවා.
අපිට හෝටලය ඉන්න සල්ලි මදිවුණා. අපි නිදාගත්තේ ශාන්ත මාර්ක් චතුරශ්‍රයේ.. එතන පොලිසියෙන් එලෙව්වා.. දුම්රිය ස්ථානයේ නිදාගෙන ඒක අවසන් වුණා. මෙතෙක් අමතක නොවන එකක් ඒක.

දැන් දවස ගෙවෙන්නෙ කොහාමද?
අනිවාර්යයෙන්ම කරන ඉවුම් පිහුම් වලින්.. ඒවගේම සමහර අත්හදා බැලීම කෑම වලට ආසයි. සන්සා සමග වැඩ කරනවා.. පොත් කියවීම කරනවා..ඒවගේම හිතවත් මගේ මිතුරු මිතුරියන් සමඟ කාලය ගත කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11