spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුලබ පෘථිවි මූලද්‍රව්‍ය පිළිබඳ චීනයේ ආධිපත්‍යය අමෙරිකාව ඇතුළු රටවලට තර්ජනයක් වෙයි

දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය  පිළිබඳ වෙළෙඳපොළේ ආධිපත්‍යය මේ වන විට චීනය විසින් සම්පූර්ණයෙන්ම හිමිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනය විසින්  2021 වසරේදී ගෝලීය දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍යවලින් සියයට 61 ක් නිෂ්පාදනය කරන ලද අතර එය ටොන් 168,000කට සමාන වුණා.

චීනයේ මෙම නැගී සිටීම  සිය අංක එකේ උපායමාර්ගික ප්‍රතිවාදියා මත යැපීම අඩු කිරීමට අදහස් කරන ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලට අතිශයින්ම තර්ජනයක් බවටයි පත්ව ඇත්තේ.

කෙසේ වෙතත්, ඉහත සංඛ්‍යාලේඛන මෙම ගැටලුවේ ආරම්භයක් පමණක් වන අතර, ලොව දුර්ලභ පෘථිවි චුම්බක  නිෂ්පාදනයෙන් සියයට 85කටද චීනය හිමිකම් කියන්නේ ඒවා උත්පාදනය කිරීමේ අවස්ථාවද චීනයට හිමි වී තිබීම හේතුවෙන්. දැනට ගණන් බලා ඇත්තේ චීනය සතුව දුර්ලභ පෘථිවි මූල ද්‍රව්‍ය සංචිත ටොන් මිලියන 44ක් ඇති බවටයි.

ප්‍රමාණය අනුව ගත්ඒ අනුව ගත් විට මීළඟට එම ප්‍රමාණයෙන් අඩකට හිමිකම් කියන්නේ  වියට්නාමය, බ්‍රසීලය සහ ඉන්දියාවයි. 

ඇමරිකා එක්සත් ජනපදය සතුව ඇත්තේ එවැනි මූල ද්‍රව්‍ය ටොන් මිලියන 1.8ක් පමණයි.

2021වසරේ දී ඔවුන්ගේ වාර්ෂික නිෂ්පාදනය  සියයට  15.5 ක් වූ අතර එය චීනයේ සමස්ත නිෂ්පාදනයෙන් හතරෙන් එකකට ආසන්න අගයක්. දුර්ලභ මූල ද්‍රව්‍ය ලෙස හඳුන්වන කාණ්ඩයට යිට්‍රියම්, ස්කැන්ඩියම් සහ ලැන්තනයිඩ් යන මූල ද්‍රව්‍ය ඇතුළු ඛනිජ වර්ග 17ක් අයත් වනවා.

කැනේඩියානු ඛනිජ ගවේෂණ සමාගමක සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ලුයිසා මොරෙනෝ පවසන්නේ චීනය සිය දුර්ලභ මූල ද්‍රව්‍ය සංචිත සම්බන්ධයෙන් උපාය උපායමාර්ගික දැක්මකින් යුතුව කටයුතු කළ බවයි.

බටහිර රටවල් මේ සම්බන්ධයෙන් කැපවීමකින් කටයුතු නොකිරීමේ  වාසියද චීනය විසින් අත්පත් අත්පත් කරගෙන තිබෙන බව ඔහු පෙන්වා දෙනවා.

චීනය සතු විශාල සැපයුම් ධාරිතාව සහ ඔවුන් සිය සම්පත් වර්ධනය කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට එම වෙළඳපොළේ ආධිපත්‍යය නතු කර ගැනීමට චීනය සමත් වී ඇති බවයි වෛද්‍ය ලුසියා මොරානෝපෙන්වා දෙන්නේ.

පැතලි තිර රූපවාහිනී මොනිටර, ස්මාර්ට් දුරකථන, මයික්‍රොෆෝන, පරිගණක දෘඪ තැටි, විදුලි මෝටර් රථ, MRI ස්කෑනර්, ශබ්ද විකාශන යන්ත්‍ර, සූර්ය පැනල සහ සුළං ටර්බයින ඇතුළු යෙදුම් රාශියක්  සඳහා ලොව දුර්ලභ ඛනිජ වර්ග භාවිත කෙරෙනවා.

එක් සුළං ටර්බයිනයකට දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600ක් පමණ අවශ්‍ය වන අතර සෑම විදුලි වාහන බැටරියකටම එම මූලද්‍රව්‍ය  කිලෝග්‍රෑම් 1ක් අවශ්‍ය වනවා. මෙම දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය  හමුදාවන්ට ඉතා වැදගත් වන අතර  ප්‍රහාරක ජෙට් යානා, සබ්මැරීන, රාත්‍රී දර්ශන ඇස් කණ්ණාඩි, ගිනි අවි, රේඩාර්, ඉලෙක්ට්‍රොනික සංදර්ශක, මාර්ගෝපදේශ පද්ධති, ලේසර්, රේඩාර්, සෝනාර් සහ මිසයිල වැනි දෑ නිෂ්පාදනයට මෙම මුලද්‍රව්‍ය මූල ද්‍රව්‍ය අවශ්‍ය වීම ඊට හේතුවයි.

ඒ අනුව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන ඇත්තේ තමන් අමුද්‍රව්‍ය සපයා ගන්නා ආකාරය චීනයට  සම්බන්ධයක් ඇද්ද යන්න  පිළිබඳ සියලුම කොන්ත්‍රාත්කරුවන් විසින් හෙළිදරව් කළ යුතු බවටයි.

2018 දී, එක්සත් ජනපද අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව ජාතික සහ ආර්ථික ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 35 ක් ලැයිස්තුගත කළ අතර ඊට දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය 17ම  ඇතුළත්ව තිබුණා.

2022 වසරේදී අලෙවි වූ වාහන අතරින් සියයට 10ක්  විදුලි වාහන ලෙස හඳුනාගෙන තිබුණා. 2027 වන විට මුළු රථ වාහන විකුණුම්වලින් සියයට 35-40 ක් විදුලි වාහන විය හැකි බවටයි පුරෝකථන සිදුකර ඇත්තේ.

ඉදිරි දශකය සඳහා වන විදුලි වාහන අවශ්‍යතාවට දුර්ලභ පස් ටොන් 200,000ක් අවශ්‍ය වන අතර  ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් කෙතරම් උත්සාහ කළද මෙම ක්ෂේත්‍රයේ ආධිපත්‍යය චීනය  විසින් වත්වාගෙන යනු ඇති බව මේ වන විට පෙනී ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?