දුර්ලභ මාළු වර්ගයක් නිසා කෝටිපතියෙක් වූ ධීවරයා

දුර්ලභ මාළු වර්ගයක් වෙන්දේසි කිරීමෙන් එක් රැයකින් කෝටිපතියෙක් වූ ධීවරයෙක් පිළිබඳ පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වනවා.

අරාබි මුහුදේ පිරිසක් සමඟ මසුන් මැරීමට ගොස් ඇති හයිඩේරි ධීවර ගම්මානයේ වෙසෙන හාජි බලොච් නැමැති මෙම ධීවරයාගේ දැලට ගෝල්ඩන් ෆිෂ් නොහොත් “සෝවා” ලෙස හඳුන්වන මාළු රංචුවක් හසුව තිබෙනවා.

ඖෂධීය ගුණ රැසකින් සමන්විත මෙම දුර්ලභ මත්ස්‍ය තොගය සිකුරාදා (අද 10) උදෑසන වෙන්දේසි කිරීමෙන් පාකිස්ථාන රුපියල් මිලියන 70 ක පමණ මුදලක් උපයා ගැනීමට මෙම ධීවරයාට හැකිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම මත්ස්‍යයාගේ උදරයේ ඇති ද්‍රව්‍ය විශේෂ සුවදායක සහ ඖෂධීය ගුණ ඇති බව පැවසෙන බැවින් “සෝවා” මත්ස්‍යයා මිල කළ නොහැකි සහ දුර්ලභ යැයි සැලකෙන්නවා.

එමෙන්ම මෙම මත්ස්‍යයාගේ නූල් වැනි ද්‍රව්‍ය ශල්‍යකර්මවලදී ද භාවිතයට ගන්නා බවයි වාර්තා වන්නේ.

බොහෝ විට කිලෝග්‍රෑම් 20 ත් 40 ත් අතර බරින් යුක්ත වන මෙම “සෝවා” මත්ස්‍යයින් මීටර් 1.5 ක් දක්වා වර්ධනය වනවා.

නැගෙනහිර ආසියාතික රටවල මෙම මත්ස්‍යයාට වැඩි ඉල්ලුමක් පවතින බව සඳහන්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33