spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුර්ලභ මාළු වර්ගයක් නිසා කෝටිපතියෙක් වූ ධීවරයා

දුර්ලභ මාළු වර්ගයක් වෙන්දේසි කිරීමෙන් එක් රැයකින් කෝටිපතියෙක් වූ ධීවරයෙක් පිළිබඳ පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වනවා.

අරාබි මුහුදේ පිරිසක් සමඟ මසුන් මැරීමට ගොස් ඇති හයිඩේරි ධීවර ගම්මානයේ වෙසෙන හාජි බලොච් නැමැති මෙම ධීවරයාගේ දැලට ගෝල්ඩන් ෆිෂ් නොහොත් “සෝවා” ලෙස හඳුන්වන මාළු රංචුවක් හසුව තිබෙනවා.

ඖෂධීය ගුණ රැසකින් සමන්විත මෙම දුර්ලභ මත්ස්‍ය තොගය සිකුරාදා (අද 10) උදෑසන වෙන්දේසි කිරීමෙන් පාකිස්ථාන රුපියල් මිලියන 70 ක පමණ මුදලක් උපයා ගැනීමට මෙම ධීවරයාට හැකිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම මත්ස්‍යයාගේ උදරයේ ඇති ද්‍රව්‍ය විශේෂ සුවදායක සහ ඖෂධීය ගුණ ඇති බව පැවසෙන බැවින් “සෝවා” මත්ස්‍යයා මිල කළ නොහැකි සහ දුර්ලභ යැයි සැලකෙන්නවා.

එමෙන්ම මෙම මත්ස්‍යයාගේ නූල් වැනි ද්‍රව්‍ය ශල්‍යකර්මවලදී ද භාවිතයට ගන්නා බවයි වාර්තා වන්නේ.

බොහෝ විට කිලෝග්‍රෑම් 20 ත් 40 ත් අතර බරින් යුක්ත වන මෙම “සෝවා” මත්ස්‍යයින් මීටර් 1.5 ක් දක්වා වර්ධනය වනවා.

නැගෙනහිර ආසියාතික රටවල මෙම මත්ස්‍යයාට වැඩි ඉල්ලුමක් පවතින බව සඳහන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
3
+1
19
+1
8
+1
5
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?