දුරකතන සම්ප්‍රේෂණ කුළුණුවල විදුලි ජනක යන්ත්‍ර සොරකමක්

පෞද්ගලික දුරකථන සමාගමකට අයත් සම්ප්‍රේෂණ කුළුණු අසල සවි කර තිබූ විදුලි ජනක යන්ත්‍ර සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්නෑව සකලසූරියගම ප්‍රදේශයේ සම්ප්‍රේෂණ කුළුණක් අසල සවි කර තිබූ රුපියල් ලක්ෂ 9ක් පමණ වටිනා විදුලි ජනක යන්ත්‍රයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පසුගිය 12 වනදා ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශණයේදීයි සැකකරුවන් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

අදාළ විමර්ශනයේදී මෙම සොරකමට සම්බන්ධ බවට සැක කෙරෙන අනුරාධපුර පොතානේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක් වන පුද්ගලයෙකු ඊයේ අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද විදුලි ජනක යන්ත්‍රයක් ඇලයාපත්තුව ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

සැකකරු විසින් කුරුණෑගල ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ අතහැර දැමූ පාළු වී මෝලක් තුළ සගඟවා තිබියදී තවත් විදුලි ජනක යන්ත්‍රයක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු අනුරාධපුර ඥානික්කුලම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකුට සොරකම් කරන ලද විදුලි ජනක යන්ත්‍ර 7ක් අලෙවි කර ඇති බවට ද පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව සොර බඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන නිවසේ තිබූ විදුලි ජනක යන්ත්‍ර 2ක් ද සොයා ගනු ලැබුවා.

එම සැකකරුවන්ගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අනෙක් විදුලි ජනක යන්ත්‍ර 5 මාතර, කොළඹ සහ මඩකලපුව ප්‍රදේශවලට අලෙවි කර ඇති බවටයි.

සැකකරුවන් දෙදෙනා අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම අපරාධයට අදාළව පසුගිය 17 වනදා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

විදුලි ජනක යන්ත්‍ර සොරකම් කිරීම, සොර බඩු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි එම පුද්ගලයන්ට චෝදනා එල්ලවී තිබුණේ.

ගල්නෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04