spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්වැටි ප්‍රචාරනය වැලැක්වීමට ඡන්දයක්

දුම්වැටි ප්‍රචාරණය තහනම් කිරීමේ නීතියක් සඳහා ස්විට්සර්ලන්තයේ අද (13) ඡන්ද විමසීමක් පැවැත් වේ.

අසල්වැසි යුරෝපා රටවල් අදාළ තහනම ක්‍රියාත්මක කර සැලකිය යුතු කාලයකට පසු ස්විට්සර්ලන්තය මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයකි.

යුරෝපයේ මත්පෙති සඳහා ලිහිල්ම නීති පවතින රට ලෙස ද ස්විට්සර්ලන්තය සැලකේ.

යුරෝපයේ සෙසු රටවල් සමග සසඳන විට ස්විට්සර්ලන්තය අඩුම දුම්වැටි මිල පවතින රට වන අතර යුරෝපයට සාපේක්ෂව එරට වැඩිහිටියන් සියයට 27ක් දුම්පානයේ නිරත වන බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්වැටි පාලනය සම්බන්ධ රෙගුලාසිවලට ස්විට්සර්ලන්තය මීට වසර 20කට පමණ පෙර අත්සන් තබා ඇති නමුත් එම රෙගුලාසි එරට තුළ අනුමැතියට ලක් නොකිරීම හේතුවෙන් මෙතෙක් සම්පූර්ණයෙන්ම එය ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?