දුම්වැටි තොගයක් සමගින් කාන්තාවක් ගුවන්තොටේදී අත්අඩංගුවට (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් හැට හත් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ගුවන් මගී කාන්තාවක් අද (27) දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය දිවුලපිටිය, හුණුමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක්.

ඇය අද (27) දින අලුයම ඩුබායි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විදේශීය දුම්වැටි තොගය සඟවාගෙනවිත් ඇති අතර දුම්වැටි 45,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 225 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට මෙම ගුවන් මගී කාන්තාව පොලිස් ඇප මත මුදා හැර ඇති අතර මෙම කාන්තාව සහ ඇය විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය එළඹෙන ඔක්තෝම්බර් 10වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

03 3