දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ. ඩබ්ලිව්. බණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක හේතුවෙන් ඔහු අනුරාධපුර ප්‍රදේශයේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම ප්‍රදේශයට ගොස් ඇති බව සඳහන්.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර ප්‍රදේශයේ සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටි සාමාන්‍යාධිකාරීවරයා අද (23) උදෑසන ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේ දී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි අනුරාධපුර පොලිසියේ උසස් නිලධාරියෙක් අප කළ විමසීමක දී සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්