spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය සාමාන්‍යධිකාරීවරයාට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දරට එරෙහිව අද (12) දිනයේ දී මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් සිදුකරන බව දුම්රිය කම්කරු එකමුතුව පවසනවා.

කිසිඳු සාධාරණ හේතුවකින් තොරව පසුගිය 09 වනදා දුම්රිය ධාවනය නැවත්වීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදුකර බවයි දුම්රිය කම්කරු එකමුතුව සඳහන් කරන්නේ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ කිසිඳු වලංගු චක්‍රලේඛනයක් හෝ වෙනත් නෛතික නියෝගයක් නොමැතිව දුම්රිය සාමාන්‍යඅධිකාරීවරයා පසුගිය 09 වනදා දුම්රිය ධාවනය නවතා දැමීමට කටයුතු කර ඇති බවයි.

රාජ්‍ය ආයතන ප්‍රධානියෙක් වශයෙන් මෙවැනි තීරණය ගැනීම හේතුවෙන් දුම්රියේ ගමන් ගන්නා මගීන් දැඩි ලෙස අපහසුතාවයට පත් වූ බවයි එම එකමුතුව පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?