දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනය අරඹයි – ප්‍රධාන සේවා තුනක් නවතියි

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද (30) පස්වරු 4.30 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථානවල සේවයේ නියුතු දුම්රිය ස්ථානාධිපතිවරුන් විසඳුම් ලැබෙන තෙක් වැඩ වර්ජනය සිදු කරනු ඇති.

දුම්රිය සේවයේ සහ පරිපාලනයේ ඇති ගැටලු මෙතෙක් නිසි පරිදි නො විසඳීම කරණකොටගෙන මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් අද පස්වරුවේ සිට ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් ප්‍රවාහනය කිරීම යන සේවා ත්‍රිත්ත්වයෙහි ක්‍රියාකාරීත්වය ඇනහිටිනු ඇති.

මෙම වර්ජනය සිදු කෙරුණ ද දුම්රිය ධාවනය සිදු වන බවත් එහිදී ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39