දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය තාවකාලිකව නවතියි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන අඟහරුවදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.

දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සමඟ සිදුකළ සාකච්ඡාවේ දී සිය ඉල්ලීම්වලින් කොටසකට සාධනීය පිළිතුරු ලැබුණු බවයි සභාපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් ලබන අඟහරුවාදා රැස්වෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ දී අනෙකුත් ගැටළු සඳහා විසඳුම් ලබාදීමේ පොරොන්දුව මත මෙම වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34