spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගය නවතා දමයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කළ පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජාතික ගමනාගමන අධිකාරියේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි ඔවුන් මෙම තීරණයට එළඹ ඇත්තේ.

නව දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (23) පස්වරුවේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 48ක් දක්වා ක්‍රියාත්මක කරන බවයි ඔවුන් එහිදී කියා සිටියේ.

ඒ, අනුව සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?