spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ දුම්රිය බලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වුණේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණය කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ.

නව දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (23) පස්වරුවේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැය 48ක් දක්වා ක්‍රියාත්මක කරන බවයි ඔවුන් එහිදී කියා සිටියේ.

ඒ, අනුව සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත්ව සිටිනවා.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එරෙහිව බලධාරීන් යම් පියවරක් ගන්නේ නම් දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය එන්ජින් රියදුරු, නියාමක ඇතුළු අනෙකුත් වෘත්තිය සමිති මේ වනවිට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?