දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ දුම්රිය බලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වුණේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණය කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ.

නව දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (23) පස්වරුවේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැය 48ක් දක්වා ක්‍රියාත්මක කරන බවයි ඔවුන් එහිදී කියා සිටියේ.

ඒ, අනුව සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත්ව සිටිනවා.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එරෙහිව බලධාරීන් යම් පියවරක් ගන්නේ නම් දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය එන්ජින් රියදුරු, නියාමක ඇතුළු අනෙකුත් වෘත්තිය සමිති මේ වනවිට තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58