දුම්රිය ස්ථානාධිපතිවරුන් තවත් සේවා රැසකින් ඉවත් වෙති

දුම්රිය ස්ථානාධිපතිවරු තවත් සේවා කීපයකින් ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

ඒ අනුව තෙල් ප්‍රවාහනය, ප්‍රීමා ප්‍රවාහන සහ හොල්සිම් ආයතනය සඳහා හුණුගල් ප්‍රවාහනය යන සේවාවාරවලින් ඉවත්වීමට තීරණය කළ බවත් ඒත් සමගම බණ්ඩාරනායක ගුවන්තොටුපල වෙත ඉන්ධන ප්‍රවාහනයද මීට සමගාමීව නතර වන බවත් ලේකම්වරයා කීය.

එමෙන්ම කණිෂ්ඨ සේවක හිඟය හේතුවෙන් මෙතෙක් ඉතාමත් අපහසුවෙන් ක්‍රියාත්මක කරගෙන යනු ලැබූ නවාතැන් බංගලා සහයක සේවාවාර සහ රියදුරු නියාමක ගමන් මළු සේවාවාරවලින් කාර්‍යමණ්ඩල ඉවත් කරගැනීමට කටයුතු කරනු ලැබූ බවත් දුම්රිය ස්ථාන හරහා වෙන්කරනු ලබන දුම්රිය විවේක කාමර හා නිවාඩු නිකේතන වෙන්කිරීම් කටයුතුද ඊයෙ දින සිට අත්හිටුවීමට කටයුතු කළ බවද ලේකම්වරයා පැවසීය.

දුම්රිය ස්ථානාධිපති සංගමය තම වෘත්තීය ක්‍රියාමාර්ගය මගීන්ට අපහසුතාවයක් නොවන අන්දමින් ක්‍රියාත්මක කිරීමට තීරණය ඇති බව කී ලේකම්වරයා මෙම ක්‍රියාමාර්ගය හරහා දෙපාර්තමේන්තුවට වන අලාභය හා රජයට සිදුවන අපකීර්තියේ වගකීම සෘජුවම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා භාරගත බවද සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44