දුම්රිය ස්ථානවල ආරක්ෂාවට පොලිසිය සහ හමුදාව

මරදාන සහ කොළඹ කොටුව ඇතුලු දුම්රිය ස්ථාන කිහිපයක ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබෙනවා.

ඒ අද පස්වරුවේ ආරම්භ වූ හදිසි දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන් නොසන්සුන්කාරීව හැසිරීම හේතුවෙන්.

අප වාර්තාකරුවන් සඳහන් කළේ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන ඇතුළු දුම්රිය ස්ථානවලට රැස්ව සිටි මගී ජනතාව දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල සමඟ ගැටුම් ඇති කර ගැනීම හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල උණුසුම් තත්වයන් ඇති වූ බවයි.

ඇතැම් දුම්රිය ස්ථානවල මගීන් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව කලහාකාරී ලෙස හැසිරුණු අතර ඒ හේතුවෙන් දෙහිවල, බම්බලපිටිය සහ මරදාන වැනි දුම්රිය ස්ථාන රැසක ප්‍රවේපත් නිකුත් කිරීම අත්හිටුවා ස්ථානාධිපතිවරු සේවයෙන් ඉවත් වී තිබෙනවා.

දුම්රිය නියාමක සංගමය හදිසියේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද සවස බොහෝ දුම්රිය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියාසිටියේ.

අද උදෑසන මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකු හා දුම්රිය ආරක්ෂක නිලධාරීයෙකු අතර ගැටුමක් සිදුවී තිබුණා.

ආරක්ෂක නිලධාරියා උප නියාමකවරයාට පහරදී ඇති බවට චෝදනා එල්ලවන අතර, පහර දුන් සේවකයාගේ සේවය අත්හිටුවන ලෙස ඉල්ලමින් නියාමක සංගමය විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇතැයි සඳහන්.

මම හදිසි වර්ජනය හේතුවෙන් අද පස්වරුවේ නිවෙස් වෙත යාමට පැමිණි මගී ජනතාව පත්වූයේ දැඩි පීඩාවකටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51