spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය ස්ථානවල ආරක්ෂාවට පොලිසිය සහ හමුදාව

මරදාන සහ කොළඹ කොටුව ඇතුලු දුම්රිය ස්ථාන කිහිපයක ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබෙනවා.

ඒ අද පස්වරුවේ ආරම්භ වූ හදිසි දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන් නොසන්සුන්කාරීව හැසිරීම හේතුවෙන්.

අප වාර්තාකරුවන් සඳහන් කළේ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන ඇතුළු දුම්රිය ස්ථානවලට රැස්ව සිටි මගී ජනතාව දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල සමඟ ගැටුම් ඇති කර ගැනීම හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල උණුසුම් තත්වයන් ඇති වූ බවයි.

ඇතැම් දුම්රිය ස්ථානවල මගීන් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව කලහාකාරී ලෙස හැසිරුණු අතර ඒ හේතුවෙන් දෙහිවල, බම්බලපිටිය සහ මරදාන වැනි දුම්රිය ස්ථාන රැසක ප්‍රවේපත් නිකුත් කිරීම අත්හිටුවා ස්ථානාධිපතිවරු සේවයෙන් ඉවත් වී තිබෙනවා.

දුම්රිය නියාමක සංගමය හදිසියේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද සවස බොහෝ දුම්රිය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියාසිටියේ.

අද උදෑසන මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකු හා දුම්රිය ආරක්ෂක නිලධාරීයෙකු අතර ගැටුමක් සිදුවී තිබුණා.

ආරක්ෂක නිලධාරියා උප නියාමකවරයාට පහරදී ඇති බවට චෝදනා එල්ලවන අතර, පහර දුන් සේවකයාගේ සේවය අත්හිටුවන ලෙස ඉල්ලමින් නියාමක සංගමය විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇතැයි සඳහන්.

මම හදිසි වර්ජනය හේතුවෙන් අද පස්වරුවේ නිවෙස් වෙත යාමට පැමිණි මගී ජනතාව පත්වූයේ දැඩි පීඩාවකටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?