දුම්රිය සහ බස් මගීන්ගේ දුරකථන සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

බස් රථ සහ දුම්රියවල ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකථන සොරකම් කළ පුද්ගලයෙකු හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන ලැබුණු තොරතුරකට අනුව දෙහිවල දුම්රිය පාර ප්‍රදේශයේ කළ වැටලීමකිනුයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශණ අංශ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ. ඒ හෙරොයින් ග්‍රෑම් 12ක් ද සමගින්.

සැකකරු සම්බන්ධයෙන් කරන ලද වැඩිදුර විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මෙම පුද්ගලයා දුම්රියේ සහ බස් රථවල ගමන් කරන මගීන්ගෙන් දුරකතන සොරකම් කිරීමට සම්බන්ධ බවයි.

ඔහු සතුව තිබී එලෙස සොරකම් කරන ලද දුරකතන 10ක් ද සොයාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා සැකකරු ගල්කිස්ස පොලිසියට භාරදී තිබෙනවා.

අවුරුදු 43ක් වන සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33