spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය සහ බස් මගීන්ගේ දුරකථන සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

බස් රථ සහ දුම්රියවල ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකථන සොරකම් කළ පුද්ගලයෙකු හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන ලැබුණු තොරතුරකට අනුව දෙහිවල දුම්රිය පාර ප්‍රදේශයේ කළ වැටලීමකිනුයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශණ අංශ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ. ඒ හෙරොයින් ග්‍රෑම් 12ක් ද සමගින්.

සැකකරු සම්බන්ධයෙන් කරන ලද වැඩිදුර විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මෙම පුද්ගලයා දුම්රියේ සහ බස් රථවල ගමන් කරන මගීන්ගෙන් දුරකතන සොරකම් කිරීමට සම්බන්ධ බවයි.

ඔහු සතුව තිබී එලෙස සොරකම් කරන ලද දුරකතන 10ක් ද සොයාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා සැකකරු ගල්කිස්ස පොලිසියට භාරදී තිබෙනවා.

අවුරුදු 43ක් වන සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?