spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය වේදිකාව නර්තන වේදිකාවක් කර ගත් විදේශිකයෝ (වීඩියෝ)

නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණි විදේශිකයන් පිරිසක් නානුඔය දුම්රිය ස්ථානයේ ගීත ගයමින් නර්තනයක යෙදෙන අයුරු විදේශිකයෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර සමාජ මාධ්‍යට එක් කර තිබුණා.

එම විදේශිකයන් පිරිස නානුඔය දුම්රිය ස්ථානයේ නර්තනයේ යෙදිම සම්බන්ධයෙන් අප නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ, නානුඔය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුවට සහ ඇල්ල දක්වා ගමන් කිරිමට පැමිණෙන විදේශිය සංචාරකයන් දුම්රිය ප්‍රමාද වන ඇතැම් අවස්ථාවල දුම්රිය පැමිණෙන තෙක් දුම්රිය ස්ථානය තුල ගීත ගයමින් නර්තනයන්හි නිරත වන බවයි.

අනෙකුත් මගීන්ට බාධාවක් නොවන සේ එසේ විනෝද වන විදේශික සංචාරකයන්ට නානුඔය දුම්රිය ස්ථානයේ කිසිදු නිලධාරියෙකු හෝ සේවකයෙකු බාධා නොකරන බවත්, දුම්රිය පැමිණෙන තුරු නානුඔය දුම්රිය ස්ථානය තුල එම විදේශිකයන් රැදි සිටිමින් විනෝද විම තමන්ට බාධාවක් නොවන බවයි එම නිලධාරියා තවදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
13
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?