දුම්රිය විදුලි කාර්මිකයන්ගේ වර්ජනය අවසන්

දින දෙකක් පුරා දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද පස්වරුවේ අවසන් කර තිබෙනවා.

ඔවුන් අද පස්වරු 4ට සේවයට වාර්තා කිරීමට පොරොන්දු වූ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ.

ඒ අනුව අද පස්වරුවේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමේ අවස්ථාව හිමිවන බවයි දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ අද පැවැති සාකච්ඡාවේදී දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් මෙම එකඟතාවට පැමිණ තිබෙනවා.

දුම්රිය විදුලි කාර්මික ශිල්පීන්ගේ වර්ජනයට හේතු වූ සිද්ධිය අධිකරණය හමුවේ තිබෙන කරුණක් වීම හේතුවෙන් ඊට මැදිහත්විය නොහැකි බවට වර්ජනයේ නිරතව සිටින පිරිසට දැනුම් දුන් බව ද ඔහු සඳහන් කළා.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින විදුලි කාර්මික ශිල්පියා සම්බන්ධයෙන් නීතිමය කටයුතුවලට සහාය දැක්වීමට සාමාන්‍යාධිකාරීවරයා එකඟ වී ඇති අතර පහර කෑමට ලක්වූයේ යැයි කියන උප නියාමකවරයා ද මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34