දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වෘත්තිය සමිති සාමාජිකයන් පිරිසක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ අද පස්වරුවේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මේබව ප්‍රකාශ කළා.

දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද පස්වරුවේ සඳහන් කළේ වහාම සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය හැර ගියා සේ සලකන බවයි.

පසුගිය 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය, ධාවනාගාර කිහිපයක වර්ජනයක් ආරම්භ කර තිබූ අතර එම වර්ජනයට හේතුන් ලෙස ඔවුන් සඳහන් කළේ, වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක්, දුම්රිය ඒන්ජින් රියදුරු ශ්‍රේණියට වසර ගණනක සිට වැටුප් කේතයක් නොමැතිවීම, වැටුප් කේතයක් නොමැතිවීමෙන් බඳවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කළ නොහැකි වීමයි.

මෙම ගැටලුවලට විසඳුම් ඉල්ලමින් මේ වන විට ලොකෝමෝටිව් ඉන්ජිනේරුවන් 84 දෙනෙක් වර්ජනයේ නියුතුව සිටිනවා.

මෙම තත්ත්වය හමුවේ අද දිනයේ ද දුම්රිය ගමන් වාර කිහිපයක් ම අවලංගු කෙරුණු අතර, ඊයේ (12) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස නම් කරමින් ගැසට්ටුවක් ද නිකුත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51