spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වෘත්තිය සමිති සාමාජිකයන් පිරිසක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ අද පස්වරුවේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මේබව ප්‍රකාශ කළා.

දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද පස්වරුවේ සඳහන් කළේ වහාම සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය හැර ගියා සේ සලකන බවයි.

පසුගිය 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය, ධාවනාගාර කිහිපයක වර්ජනයක් ආරම්භ කර තිබූ අතර එම වර්ජනයට හේතුන් ලෙස ඔවුන් සඳහන් කළේ, වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක්, දුම්රිය ඒන්ජින් රියදුරු ශ්‍රේණියට වසර ගණනක සිට වැටුප් කේතයක් නොමැතිවීම, වැටුප් කේතයක් නොමැතිවීමෙන් බඳවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කළ නොහැකි වීමයි.

මෙම ගැටලුවලට විසඳුම් ඉල්ලමින් මේ වන විට ලොකෝමෝටිව් ඉන්ජිනේරුවන් 84 දෙනෙක් වර්ජනයේ නියුතුව සිටිනවා.

මෙම තත්ත්වය හමුවේ අද දිනයේ ද දුම්රිය ගමන් වාර කිහිපයක් ම අවලංගු කෙරුණු අතර, ඊයේ (12) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස නම් කරමින් ගැසට්ටුවක් ද නිකුත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?