දුම්රිය වර්ජනයක්

අද (30) පෙරවරු 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ,  දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවය.

මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් සිදුකළ ත් ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව ද ඒ මහතා පැවසීය.

දුම්රිය මගීන්ට දුම්රිය ධාවනට අඬාලවීමෙන් සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වර්ජනය පිළිබඳ අදහස් දැක්වු ඉන්දික දොඩම්ගොඩ මහතා,

“පසුගිය මාස කිහිපයක සිටම ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ බලධාරීන්ට වගේම දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශ මට්ටමින් අපි දිගින් දිගටම දැනුවත් කළා කොළඹ තදාසන්න ව්‍යාපෘති කාර්යාලය නමින් පිහිටුවා ගත්ත ආයතනයක් තියෙනවා. මේකෙන් මේ වෙන කොට විශාල මුල්‍ය වංචාවක් ගන්නාවක් සිදුකරලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ණය අරගෙන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයන කරන්න කියලා ඩොලර් මිලියන 28ක් විතර මේ වෙන කොට වියදම් කරලා. මේ සඳහා අවසාන වශයෙන් අපට මැදිහත් වෙන්න තියෙන්නේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01