දුම්රිය රියදුරන් හදිසියේ ගත් තීරණය

අද ( 29) මධ්‍යම රාත්‍රියෙන් පසු අතිකාල මත සිදුකරන සියලුම සේවා වාර වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමය පවසයි.

මේ හේතුවෙන් හෙට (30) දුම්රිය ගමන්වාර වලින් සියයට අනූවක්ම අවලංගු වීමට හෝ ප්‍රමාද වී ධාවනය වීමට නියමිත බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසීය.

දුම්රිය රියැදුරන් පිරිසක් ඉලක්ක කරගනිමින් අසාධාරණ අන්දමින් අතිකාල කප්පාදු කිරීම, එක් එක් සේවාවාර සඳහා දුම්රිය රියැදුරන් නිල කිරීම, මාධ්‍ය හා විගණන අංශ මගින් දුම්රිය රියැදුරන්ගේ අතිකාල සම්බන්ධයෙන් සිදුකරන ප්‍රචාර සඳහා දුම්රිය කළමනාකාරීත්වය නිවැරැදි පැහැදිලි කිරීමක් සිදුනොකිරීම, පොල්ගහවෙල, අලුත්ගම, හලාවත, මාතර යන දුම්රිය ස්ථාන කේන්ද්‍රගතව දුම්රිය රියැදුරු කාර්යභාර නිලධාරී කාර්යාල ස්ථාපිත නොකිරීම යන හේතු කාරණා මත මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

මේ වසරේදී දුම්රිය වෘත්තිය සංගම් ආරම්භ කරන ලද වර්ජන හේතුවෙන් දින දහයකට ආසන්න කාලයක් දුම්රිය ධාවනයට බාධා එල්ල වූ අතර ඒ සෑම ක්‍රියාමාර්ගයක් මගින්ම මගීන් දැඩි සේ අසීරුතාවට පත්විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19