දුම්රිය දෙකක් මුහුණට මුහුණ හැපෙන්න ගොස් නූලෙන් බේරේ

නාවලපිටිය දුම්රිය ස්ථානයේදි (24) දින රාත්‍රියේ මගි ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු විමට ගිය අනතුරක් සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ රාජකාරියේ සිට සංඥාකරුගේ තාවකාලිකව වැඩ තහනම් කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කල බව නාවලපිටිය දුම්රිය ප්‍රවාහන අධිකාරි කේ.පි.එම්.එස්.ලයනල්සිංහ මහතා පැවසිය.

බදුල්ල සිට මහනුවර දක්වා භාණ්ඩ සහ මගි ප්‍රවාහනය කල දුම්රියක් (24) දින රාත්‍රි 7.30 ට පමණ නාවලපිටිය දුම්රිය ස්ථානයේ පළවෙනි වේදිකාවේ නතර කර එම දුම්රියේ එන්ජිම ගලවා දුම්රිය ස්ථානයේ  නතර කර තිබු තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මැදිරි කිහිපයක් එම දුම්රියට එක් කිරිමට යාමේදි මහනුවර සිට නාවලපිටිය දක්වා රාත්‍රි 8.40 ට නාවලපිටිය දුම්රිය ස්ථානයට ලගා වු මගි ප්‍රවාහන දුම්රිය පළවෙනි වේදිකාවට ළගා වි ඇත.

පළවෙනි වේදිකාවේ මගි ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මැදිරි සහ පෙට්ටි කිහිපයක් නතර කර ඇති බව දුටු මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වු 1185 දුම්රියේ ප්‍රධාන රියදුරු වන ඒ.ජි.නිව්ටන් මහතා විසින්දැක ඇත.

වහා ක්‍රියාත්මක වු 1185 දුම්රියේ ප්‍රධාන රියදුරු දුම්රිය නතර කර ගැනිමට දුම්රිය තිරිංගු පන ගන්වා ඇති අතර,ධාවනය වෙමින් තිබු දුමිරිය එම වේදිකාවේම නතර කර තිබු මගි සහ භාණ්ඩ ප්‍රවාහන මැදිරි වලට මිටර් 50 පමණ ආසන්නට පැමිණ 1185 මගි ප්‍රවාහන දුම්රිය නතර වි ඇත.

මෙම සිදුවිම සිදු වු අවස්තාවේ දුම්රියන් දෙකෙහිම මගින් කිහිප දෙනෙකු සිටි බවයි දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා කියා සිටියේ.

දුම්රිය අනතුර වලක්වා ගත් 1185 දුම්රියේ රියදුරන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්විමට නාවලපිටිය දුම්රිය ස්ථානයට ප්‍රවාහන අධිකාරිවරයා පැමිණෙන තෙක් මධ්‍යම රාත්‍රි 12.30 දක්වා පලවෙනි වේදිකාවේම දුම්රිය නතර කර තැබිමට කටයුතු කර තිබුණි.

ප්‍රවාහන අධිකාරිවරයා පැමිණ දෙපාර්ශවය සමග සාකච්ඡා පැවැත්විමෙන් අනතුරුව 1185 මගි ප්‍රවාහන දුම්රිය පලවෙනි වේදිකාවෙන් ඉවත් කිරිමට කටයුතු කරනු ලැබුහ.

පැවති තත්ත්වය මත දුම්රිය ප්‍රමාදයක් සිදු වු බවත්, බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වු භාණ්ඩ සහ මගි ප්‍රවාහන  දුම්රියේ සිටි මගින් වැන් රථයකින් මහනුවර දුම්රිය ස්ථානය දක්වා යැවිමට කටයුතු කල බවද නාවලපිටිය දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා පැවසිය.

1185 මගි ප්‍රවාහන දුම්රියේ රියදුරු ඒ.ජි.නිව්ටන් මහතා කියා සිටියේ තමන් පළවෙනි වේදිකාවට දුම්රිය ඇතුලත් කිරිමට සංඥා ලැබි තිබු බවත්, ඒ අනුව දුම්රිය ධාවනය කරවන අවස්තාවේ එම වේදිකාවේ දුම්රිය මැදිරි සහ භාණ්ඩ ප්‍රවාහන මැදිරි කිහිපයක් නතර කර ඇති බවට දුටු වහාම තම දුම්රිය නතර කිරිමට පියවර ගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56