spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වෙයි

අද (10) පස්වරුවේ ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය ඇතුළු ගමන් වාර 11ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අමතරව අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය හැර සියලුම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

කොළඹ කොටුව – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, කොළඹ – ත්‍රිකුණාමලය තැපැල් දුම්රිය, කොළඹ – මඩකලපුව රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, මඩකලපුව දක්වා සවස ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය සහ පුත්තලම දක්වා යන කාර්යාල දුම්රිය ද ඇතුලුව දුම්රිය ගමන් වාර 11ක් මේවන විට අවලංගු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?