දුම්රිය එන්ජින් රියදුරන් අදත් වර්ජනයේ – විසඳුම් නොලැබුනොත් වර්ජනය දරුණු අතට

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (09) තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා.

උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ධාවනාගාර දෙකක රියදුරන් පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කළා.

දුම්රිය ධාවනාගාර පහෙන් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වැඩවර්ජනයට එක්ව තිබීම හේතුවෙන් බලවේග කට්ටල ධාවනය සිදුනොවන බවයි ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය සඳහන් කළේ.

තම ඉල්ලීම් සඳහා නිසි විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බවයි එම ඉංජිනේරු සංගමය පැවසුවේ.

මෙම වර්ජනය හේතුවෙන් ඊයේ (08) දිනයේ දී දුම්රිය ගමන්වාර 70කර අධික සංඛ්‍යාවක් අවලංගු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51