spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආරුක්කු 9 පාලම බලන්න ගිය තරුණයා දුම්රියේ ගැටී තුවාල ලබයි

ආරුක්කු 9 පාලම නැරඹීමට පැමිණ සිටි තරුණයෙකු දුම්රියක ගැටීමෙන් තුවාල ලබා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම තරුණයා සිය පෙම්වතිය සමග එම ස්ථානයට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්වී ඇති බවයි.

එහිදී දුම්රිය ගොටුවෙල ආරුක්කු 9 පාලම මතින් ධාවනය වෙමින් තිබියදී තරුණයාගේ පාදයක් දුම්රියේ ගැටී තිබෙනවා.

එහිදී තරුණයා ඇද වැටී ඇති අතර, ඔහුගේ පාදවලට බරපතළ තුවාල සිදු ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ තරුණයා දුම්රිය මගින් ම ඇල්ල දුම්රිය ස්ථානයට ගෙන ගොස්, එතනින් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාලකරු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි හෙළි ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
12
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?