spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියේ ත්‍රී රෝද රථයක් ගැටී පුද්ගලයෙකු මරුට

මාතර වැලිගම ප්‍රදේශයේදී දුම්රියක ත්‍රී රෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

තවත් අයෙකු බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වැලිගම පොල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී අද උදෑසන 6.30ට පමණ බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රියේ මෙම ත්‍රී රෝද රථය ගැටී තිබෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරු වන තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්.

එම ත්‍රී රෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ 22 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ඊට අනුගත නොවී මෙම ත්‍රී රෝද රථය ධාවනය කර ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ මාළු රැගෙන ඒම සඳහා වැලිගම ප්‍රදේශයට යමින් තිබූ ත්‍රී රෝද රථයක් බව ද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

https://www.youtube.com/watch?v=1Km4A9Hiqxs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?