දුම්රියේ ත්‍රී රෝද රථයක් ගැටී පුද්ගලයෙකු මරුට

මාතර වැලිගම ප්‍රදේශයේදී දුම්රියක ත්‍රී රෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

තවත් අයෙකු බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වැලිගම පොල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී අද උදෑසන 6.30ට පමණ බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රියේ මෙම ත්‍රී රෝද රථය ගැටී තිබෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරු වන තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්.

එම ත්‍රී රෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ 22 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ඊට අනුගත නොවී මෙම ත්‍රී රෝද රථය ධාවනය කර ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ මාළු රැගෙන ඒම සඳහා වැලිගම ප්‍රදේශයට යමින් තිබූ ත්‍රී රෝද රථයක් බව ද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

https://www.youtube.com/watch?v=1Km4A9Hiqxs


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14