spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

කැකිරාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද සවස 06.00ට පමණ එම පුද්ගලයා කැකිරාව දුම්රිය ස්ථානය ආසන්යේදී මඩකලපුව සිට මහව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියට පැන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය පුද්ගලයාගේ සිරුර දුම්රිය කාර්ය මණ්ඩලය විසින් කැකිරාව දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් භාරදීමට පියවර ගෙන තිබෙනවා.

මෙලෙස දුම්රියට පැන සිය දිවි හානි කරගෙන ඇත්තේ කැකිරාව ඔලුකරඳ දුම්රිය නගරය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 56ක අවිවාහක පුද්ගලයකු බවටයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

කැකිරාව පොලිසිය මගින් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?