දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දුම්රියේ ගැටීමෙන් ඊයේ දිනයේ පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.

මීසාලේ සහ වරද්දන ප්‍රදේශවලදීයි මෙම අනතුරු සිදුවී ඇත්තේ.

මීසාලේ ප්‍රදේශයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් යතුරුපැදියක් අනතුරට ලක්වූයේ කොළඹ සිට යාපනය දක්වා ගමන් කළ දුම්රියක ගැටීමෙන්.

බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඔහු මීසාලේ ප්‍රදේශයේම පදිංචි 72 හැවිරිදි අයෙක්. මෘත ශරීරය යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර වැල්ලව වරද්දන ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් කුඩා ලොරියක් අනුරාධපුර සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඊයේ සවස සිදු වූ අනතුරින් තුවාල ලැබූ ලොරියේ රියදුරා ඇතුලු දෙදෙනෙකු වැල්ලව රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යැවීමේදී රියදුරා ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්. මෘත ශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48