දුම්රියක් මගීන් එක්කම පැහැරගනියි – 104 දෙනෙකු ප්‍රාණ ඇපයෙන් මුදාගැනේ

බලුකිස්තාන සටන්කාමීන් ඊයේ (11) පාකිස්ථානයේ බෝලාන් පාස් හි දී පැහැරගනු ලැබූ දුම්රියේ සිටි දුම්රිය මගීන්ගෙන් 104කට ආසන්න පිරිසක් ප්‍රාණ ඇපයෙන් නිදහස් කරගත් බව පාකිස්තාන ආරක්ෂක බලධාරීන් සඳහන් කරනවා.

නිදහස් කරගත් දුම්රිය මගීන් අතර පිරිමි 58 දෙනෙක් කාන්තාවන් 31 දෙනෙක් සහ ළමුන් 15 දෙනෙක් සිටින බවයි සඳහන් වෙන්නේ.

නිදහස් කරගත් පිරිස අතර සිටි තුවාල ලැබූ මගීන් 17 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ද සඳහන්.

දුම්රිය මගීන් බේරා ගැනීමේ මෙහෙයුමේ දී ත්‍රස්තවාදීන් 20 දෙනෙකු සහ සොල්දාදුවන් 12 දෙනෙකු ද මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්ථාන රජයට එරෙහිව බලුකිස්ථාන ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන කැරලිකාර කණ්ඩායමක් වන බලුච් විමුක්ති හමුදාව හෙවත් BLA නමින් හැඳින්වෙන් සන්නද්ධ කණ්ඩායම විසින් ඊයේ පකිස්ථානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ක්වෙටා පළාත් අගනුවර සිට උතුරු පෙෂාවර් නගරය දක්වා ගමන් කරමින් තිබූ ජැෆර් එක්ස්ප්‍රස් දුම්රිය, මගීන් 463 දෙනෙකු සමග ප්‍රාණ ඇපයට ගෙන තිබුණා.

ප්‍රාණ ඇපකරුවන් අතර ආරක්ෂක නිලධාරීන් ද සිටින බවත් ආරක්ෂක හමුදා මෙහෙයුමක් සිදු කළහොත් ඊට එරෙහිව පලිගැනීම් සිදුකරන බවටත් BLA හමුදාව ප්‍රකශ කර තිබෙනවා.

කෙසේ නමත් සටන්කාමීන් භාරයේ තබාගෙන සිටින මගීන් 300 කට අධික සංඛ්‍යාවක් බේරා ගැනීමට උත්සාහ කරමින් සොල්දාදුවන් 100කට අධික සංඛ්‍යාවක් තවදුරටත් දුම්රියේ සිටින බවයි පාකිස්තාන ආරක්ෂක අංශ සඳහන් කර තිබුණේ.

පාකිස්ථානයෙන් නිදහස් බලුකිස්ථාන රාජ්‍යක් බිහිකරගැනීම වෙනුවෙන් බලුච් විමුක්ති හමුදාව හෙවත් BLA පාකිස්ථාන රාජ්‍යයට එරෙහිව කැරැල්ලක් දියත් කර ඇත්තේ දශක ගණනාවක සිටයි.

බොහෝ විට පොලිස් ස්ථාන, දුම්රිය මාර්ග සහ මහාමාර්ග ඉලක්ක කර ගනිමින් මාරාන්තික ප්‍රහාර එල්ල කරන මෙම සටන්කාමීන් පකිස්ථාන බලධාරීන් මෙන්ම එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ද නම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15