දුම්රියක් පීලි පනී

ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතර ගංගොඩ ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් එම මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා මතුවී තිබෙනවා.

නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති බවයි.

සාමාන්‍යයෙන් කොළඹ කොටුවෙන් සවස 4.35ට පිටත්වන මෙම දුම්රිය රාත්‍රී 7.30 පමණ වන විට මහනුවරට ළඟාවීමට නියමිතයි.

ගංගොඩ ප්‍රදේශයේදී දුම්රියේ එන්ජිම පීලි පැනීමට ලක්ව ඇති අතර මහනුවරින් ආපදා රථයක් ගොස් එය පීලි ගත කිරීමට කටයුතු කරන බවයි පාලක මැදිරිය සඳහන් කළේ.

මෙම සිද්ධියෙන් කිසිවකුටත් හානියක් සිදු වී නොමැති අතර දුම්රිය කිහිපයක් ප්‍රමාද වන බව ද සඳහන්.

මෙම පීලි පැනීමට හේතු පරීක්ෂාවක් සිදුකිරීමට ද නියමිතව ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48