spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියක් පීලි පනී

ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතර ගංගොඩ ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් එම මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා මතුවී තිබෙනවා.

නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති බවයි.

සාමාන්‍යයෙන් කොළඹ කොටුවෙන් සවස 4.35ට පිටත්වන මෙම දුම්රිය රාත්‍රී 7.30 පමණ වන විට මහනුවරට ළඟාවීමට නියමිතයි.

ගංගොඩ ප්‍රදේශයේදී දුම්රියේ එන්ජිම පීලි පැනීමට ලක්ව ඇති අතර මහනුවරින් ආපදා රථයක් ගොස් එය පීලි ගත කිරීමට කටයුතු කරන බවයි පාලක මැදිරිය සඳහන් කළේ.

මෙම සිද්ධියෙන් කිසිවකුටත් හානියක් සිදු වී නොමැති අතර දුම්රිය කිහිපයක් ප්‍රමාද වන බව ද සඳහන්.

මෙම පීලි පැනීමට හේතු පරීක්ෂාවක් සිදුකිරීමට ද නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?