දුනිත් එක්ක දුක බෙදාගන්න තරගයෙන් පසු ආ පාකිස්ථාන කණ්ඩායම

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් කළමණාකාරිත්වය සහ කණ්ඩායමේ නායක සල්මන් අලි අගා ඇතුළු පිරිස විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට ඔහුගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල සාමාජික සල්මන් නසීර්, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවන මොහ්සින් නක්වි ද දුනිත් වෙත ශෝකය ප්‍රකාශකර ඇති බව පාකිස්ථානය සමාජ මාධ්‍ය වෙත සටහනක් නිකුත් කරමින් පවසනවා.

ඊයේ පැවති තරගයෙන් අනතුරුව නායක සල්මන් අලි අගා, කණ්ඩායම් කළමනාකරු නවීඩ් අක්‍රම් චීමා, ප්‍රධාන පුහුණුකරු මයික් හැසන් විසින් දුනිත් වෙල්ලාලගේ හමු වී මෙලෙස ශෝකය පළකර තිබෙන අතර ඒ පිළිබද පාකිස්ථාන නිල සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක්ද පළකර තිබෙනවා.