spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුටුවොත් පොලිසියට දැනුම් දෙන්න

අතුරුදන් වූ බවට සැකකරන කාන්තාවක් සොයා ගැනීමට සදහා ගොකරැල්ල පොලිසිය මහජන සහය පතනවා.

කුරුණෑගල, වඳුරැස්ස,වදුරාගොඩ පදිංචි 58 හැවරිදි ඒ ඩී කමලාවතී නමැති ඇය ඉකුත් 04 වැනිදා කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත පිටව ගොස් ඇති බව කාන්තාවගේ ඥාතින් පවසනවා.

ඒ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබූ සිය දියණිය බැලීම සදහායි.

නමුත් ඒ වනවිට දියණිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා නැවත නිවෙස වෙත පැමිණ ඇති අතර අතුරුදන් වූ කාන්තාව මේ දක්වා නිවසට පැමිණ නැහැ.

කථන අබාධයකින් ද පෙළෙන ඇය මීට පෙර කිසිදු අවස්ථාවක කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ගොස් නොමැති බවත් ඇයගේ ඥාතින් පැවසුවා.

මේ කාන්තාව ගැන තොරතුරක් දන්නා අයෙක් වෙත්නම් ගොකරැල්ල පොලිසියට හෝ 0761025101 හෝ 0725767897 යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය දැනුම් දීමක් කරනවා.

WhatsApp Image 2023 03 20 at 09.13.33 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?