දුකෙන් සිටි ගොවීන්ට මහින්දානන්දගෙන් සතුට පිරි පුවතක්

පසුගිය කන්නයේදී වගා හානි නිසා බලපෑමට ලක්වූ ගොවීන්ට වන්දි ලබාදීමට රජය තීරණයක් ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසුවේ වගා හානි සඳහා වන්දි ලබාදීම සඳහා ඒ අනුව රුපියල් බිලියන 40ක් වෙන්කිරීමට තීරණය කළ බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,,,
 
“වී ගොවිතැනේ නියැලෙන ලක්ෂ 11කට ආසන්න වී ගොවියන් වෙනුවෙන් සුවිශේෂි තීන්දුවක් ඊයේ කැබිනට් මණ්ඩලය ගත්තා. ඒ තමයි 2020 මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයක් වී ගොවිතැනේ වගා කරපු ගොවීන් සඳහා ඔවුන්ගේ අස්වැන්නේ යම් හානියක් සිදුවුණා නම් ඒ සඳහා වන්දි ලබාදෙන්න ඊයේ කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදුන්නා. ඒ සඳහා මිලියන 40කට අධික මුදලක් රජය විසින් වෙන්කරනවා. මුදල් අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 229ක සහන පැකේජයක් ලබාදුන්නා. රජයේ සේවකයින්ට, සමෘද්ධිලාභීන් ඇතුළු කේෂ්ත්‍ර ගණනාවකට ලබාදුන්නා. එයින් වී ගොවියන් වෙනුවෙන්  මේ සහනාධාරය ලබාදෙන්න තීරණය කළා. ඒ අනුව පසුගිය කාලයේ ගොවීන් දැවැන්ත උද්ඝෝෂණ කළා හරිත කෘෂිකර්මානතයට නියැලීමත් එක්ක තමන්ගේ වගාවල හානි සිදුවුණා, පාඩු සිදුවුණා මෙයට වන්දි ලබාදෙන්න කියලා. ඒත් දිගින් දිගටම මම කෘෂිකර්ම ඇමති ලෙස සහතිකයක් දුන්නා ගොවීන්ට ඔබ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා යම් වගා හානියක් වුණොත් ඒ සඳහා වන්දි ලබාදෙන්න අපි කටයුතු කරනවා කියලා. ඒ සහතිකය අපි මුල ඉඳලම ගොවීන්ට ලබාදුන්නා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40