spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා පිළ මාර්තුවේ බංගලිදේශයට

එළඹෙන මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පූර්ණ තරගාවලියක් සඳහා බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම තරග සංචාරයට විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග තුනක් සහ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය විස්සයි විස්ස තරගාවලියෙන් ඇරඹෙන්නේ මාර්තු මස 04 වනදායි.

විස්සයි විස්ස තරගාවලියේ දෙවන සහ තුන්වන තරග මාර්තු 06 සහ 09 යන දිනයන්වල දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

අනතුරුව මාර්තු 13 වනදා එක්දින තරගාවලිය ආරම්භ වන අතර, දෙවන සහ තුන්වන එක්දින තරග 15 සහ 18 යන දින දෙක තුළ පැවැත්වීමට නියමිතයි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 22 සිට 26 වනදා දක්වා පැවැත්වෙන අතර, දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03 වනදා දක්වායි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ තරග සියල්ල සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී සහ චිතගොං හිදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම පූර්ණ තරගාවලිය සම්බන්ධ නිල දැනුම්දීම බංග්ලාදේශ ක්‍රිකට් ආයතන විසින් ඊයේ සිදුකළා.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
15
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?