දීපාවලී උත්සවය වෙනුවෙන් ජනපතිගෙන් සුබපැතුම් පණිවිඩයක්

අදට යෙදී ඇති දීපාවලී උත්සවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා එම නිවේදනයෙන් ප්‍රකාශ කරන්නේ රටක් ලෙසට පසුගිය වසර දෙක තුළ මුහුණ දුන් අඳුරු සමය පළවා හැර ආලෝකය පිරි සංවර්ධන මාවතට ශ්‍රී ලංකාව දැන් ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් සිටින බවයි.

සශ්‍රීකත්වයේ පහන් එළි රට තුළ දල්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමටත් ජනවර්ග අතර සාමය, සංහිඳියාව හා සදාකාලික සහජීවනයෙන් යුතු ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමටත් මෙවර දීපවාලි සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරන බවයි ඔහු සඳහන් කළේ.

දීපවාලි සුබපැතුම් පණිවිඩය

අඳුර දුරලමින් ආලෝකය උදාකරන හින්දු ජනයාගේ උතුම් ආගමික උත්සවයක් වන දීපවාලි උත්සවය නිමිත්තෙන් මාගේ සුභාශිංසන එක්කරන්නේ ඉමහත් සතුටිනි.

විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සමරන අතර, තමන් ආලෝකය ලබාගත් අයුරින් ලොව සියලු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.

මෙම ඉල්ලීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතත් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිවය.

රටක් ලෙස අපද පසුගිය වසර දෙක තුළදී මුහුණ දුන්නේ ඉතා අඳුරු සමයකටය. එම ඝන අඳුර පළවා හැර ආලෝකය පිරි සංවර්ධන මාවතට ශ්‍රී ලංකාව දැන් ක්‍රමයෙන් අවතීරණ වෙමින් සිටියි.

සශ්‍රීකත්වයේ පහන් එළි රට තුළ දල්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමටත් ජනවර්ග අතර සාමය, සංහිඳියාව හා සදාකාලික සහජීවනයෙන් යුතු ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමටත් මෙවර දීපවාලි සැමරුම ආශිර්වාදයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.

අන්ධකාරය පරදා ආලෝකය ජයග්‍රහණය කරන සුබ දිපවාලි සැමරුමකට ශ්‍රී ලංකාවාසී සහ ලොවපුරා සියලු හින්දු බැතිමතුන්ට ශුභාශිංසන පිරිනමමි.

රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24